Powered By Blogger

Tuesday, July 24, 2018

මම සහ මගේ බ්ලොග් ආගමනය

සයියාගෙ ලෝකයට ගොඩවෙන හැමෝම බොහොම ආදරයෙන් පිලිගන්නවා.. !!
මං මේ සටහන තියන්නේ බ්ලොග් ලෝකයට බොහොම අලුත් ආධුනික නවක රචකයෙක් විදියට..
මුලින්ම කියන්න ඕනේ මං කවුද කියල..
නම සයියා.. එහෙම දැනගත්තම ඇති
වයස අවුරුදු 22යි තාම
ජිවත් වෙන්නේ කැන්ගරු දේශයේ දැනට අවුරුදු දෙකහමාරක විතර කාලයක ඉදං.. ඒ අන්තර්ජාතික විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදියට..
ඉතින් පටන් ගන්න ඔය විස්තර ටික ඇති කියල හිතනවා..

මුලින්ම කියන්න ඕනේ මන් බ්ලොග් ලියන්න අලුත් උනාට බ්ලොග් කියවන්න නම් අලුත් කෙනෙක් නෙමෙයි. මන් හාහාපුරා කියවල කියවපු පලවෙනි බ්ලොග් එක උනේ අපේ අම්පාරේ සදරු අයියගේ හිස් අහස බ්ලොග් එක.  සරු අයියගේ ලිවිල්ලට රහ වැටිලා සතියකින් විතර ඔක්කොම පොස්ට් ටික කියවල ඉවර කළා මතකයි.
ඊටපස්සේ මං වැඩියෙන්ම කියවපු සහ කියවන බ්ලොග් එකක් වෙන්නේ මාතලන් අයියගේ බ්ලොග් එක. තාමත් දවසකට දෙකකට සැරයක් මං ඉඩ ලැබෙන විදියට ඔය හැම බ්ලොග් එකක්ම වගේ බලනවාමයි.

මං දැන් කියන්නම් මේ බ්ලොග් එක හරහා මන් මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියල.. මන් දන්නවා මෙහෙම බ්ලොග් එකක් තියෙනවා කියල තාම මේ ලෝකේ දන්නේ මන් විතරයි වෙන්නැති. ඉස්සෙල්ලම මන් මේක ලියන්නේ මතක සටහනක් විදියට. සිංහලෙන් කියනවනම් ඩයරියක් විදියට..  ඊට අමතරව මං ඕස්ට්‍රේලියාවේ ජිවිතේ සහ කවුරුහරි මෙහාට සංක්‍රමණය වෙන්න ඉන්නවනම් ඒ යට වැදගත් වෙන දේවල් මේ බ්ලොග් එකේ පල කරන්න බලාපොරොත්තු වෙනවා..
ඉතින් මේ සටහන ලියන්නේ තාම යුනි එකේ ඉගෙන ඊලග ලෙක්චර් එක පටන් ගන්නකන් තියෙන පැය බාගෙන්..
නැවත හමුවෙනකන් ඔබ සැමට සුබ ම සුබ සතියක් වේවා..
මිට,
සයියා
24/07/2018